Sunday, July 10, 2016

තව නොබො දිනකි...

ඇයත් දන්නා මමත් දන්න 
මට විතරක් උරුම 
ඇගෙ මතක සටහන
මගෙ අත රැදි 
ඇගෙ නිය පහර
තව නොබො දිනකින් මැකී යනු ඇත...

Saturday, July 9, 2016

නොවැටුනු කදුළ...

නොවැටුනු කදුළ 
තව දුරටත් නොවැටෙන්න
නමින් මගෙ...
ඔබටත් ඔහුටත්
සුබ පතා
බලා සැනසෙමී...

සුබ...!(09.07.16)

සදාකාලිකවම....





තරු කැන් අතර 
නොපෑයුවාට 
ඉර මඩල තුල 
ලැගුම් නොගත්තාට 
සිනිදු සයන මත 
නොඉන්දාට 
ඔබේ පපුව තුල 
සදාකාලිකවම 
මම
ලැගුම් ගෙන ඇත 

                            @nick42 

Monday, May 16, 2016

දෙනවද???


ඉල්ලුවෙත් නෑ...
ඉල්ලන්නෙත් නෑ...
දෙන්න මට
ගොඩක් නොවේ
පු0චී... ඉඩක්
පාඩුවේ
විදින්න
ආදරය බිදක්...

Friday, December 25, 2015

මවු සෙනෙහස

ජීවත් කරනුවස්
වරදින් ප්‍රථම ප්‍රේමයෙ
ලැබූ දායාදය
චීත්ත විනීත සළු
ලිහා දමා 
සැරසෙයි වෙන්දේසියට
ගමේ සිරියව කොළඹට

Wednesday, November 25, 2015

මරණය...

කවදා... කොතැනකදී...
අත වනාවී ඔබටත්
මටත්
සිතිජය වෙත මේ භවයෙ
බිය නොවන්න...
තනිව ගියත්
ජන්මයෙන් ගෙන ආ එය
කවද... කොතනකදී...
හෝ
යා යුතුමය
ඔබත්... මමත්...
මOචකයයි ඒ මරණයෙ.

Thursday, October 8, 2015

---චේ---

පොදු මහජන යහපත උදෙසා කල කැපකිරීම
අගයමී... 
නොව අද පමනක්....
සැමදා...
නොපුදා මල් මිටක්
නොනමා හිස
සෙළීලුලට් එකකින්
පුදමී අචාර්‍ය...!